Sri Lanka Mythology and Technology

 පුරාණ හෙල ගුවන් යානා හා ගුවන්

තොටුපළ තාක්ෂණය....
========®=======®==========
පුරාණ ගුවන් යානා තාක්ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්ෂණය මනාව විදහා දක්‌වයි. මෙම ආකෘති අතර ප්රධාන වන්නේ "සකාරා" (Saqqara) යානා ආකෘතියයි. සකාර නගරය කයිරෝ සිට 20km දුරකින් පිහිටා ඇති අතර ජෝශර් රජුගේ පඩිවලින් සමන්විත පිරමීඩය (step pyramid) මෙහි පිහිටා ඇත. මෙම පිරමීඩය වර්ෂ 4000 ක්‌ පැරැණි වන අතර ඊජිප්තුවේ පිරමීඩ 97 න් මේ ඉපැරැණිම පිරමීඩය වේ. පුරාවිද්යා සාධකවලින් පිරුණු මෙම ප්රදේශය 'City of the dead' ලෙස නම් කර ඇත. 1891 කැණීම් කළ ප්රංශ ජාතික ලොරන්ට්‌ විසින් සොහොන් කොතකින් මෙම 'Saqqraa' ආකෘතිය සොයා ගන්නා ලදි. 1969 ආචාර්ය කලිල් මෙසිහා (Dr.khclil Messiha) විසින් සිදුකරන ලද පරීක්ෂණ මගින් මෙම ආකෘතිය කුරුල්ලෙක්‌ නොවන බව සොයා ගත්තේය. මෙම ආකෘතිය පිළිබඳ දීර්ඝ පරීක්ෂණ සීමන් සැන්ඩZස්‌ 2006 පැවැත්වූ අතර 3 ගුණයක්‌ විශාල ආකෘතියක්‌ පරීක්ෂණයට ලක්‌ කළේය. මෙම පරීක්ෂණවලට අනුව සකාර ආකෘතිය A° A°- 10° දී (Angle of Attack) හතර ගුණයක්‌ එසවූම් බලයක්‌ පෙන්වීය. එනම් ගුවනේ පියාඹීමයි. මෙම යානයේ සැලැස්‌ම බැලූ කල එකල මනා ගුවන් තාක්ෂණයක්‌ (Aerodynamics) තිබූ බව පෙනේ. මෙහි කඳට ආසන්නව තටුව ඝනකම වීමත්, තටු අග තුනී වීමත් කෙළවර නැමී තිබීමත් නිසා කාර්යක්ෂම ගුවන් ගමනකට අවශ්ය සාධක විය. මෙම ආකෘතිය කාර්යක්ෂම ග්ලයිඩරයක්‌ ලෙස භාවිතා කළ හැකිය. නමුත් මෙම යානය ගුවන්ගත කළ හැකි ක්රම හඳුනා ගැනීමේදී කැටල්ට්‌ භාවිතය කළ බවට සාධක ඇත. දැනුදු ග්ලයිඩර් යානා ගුවන් ගත කිරීමට කැටල්ට්‌ භාවිතා කරන්නේය.
දෙවන පූර්ව සාධකය කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශ්රිත ටොලීමා නටබුන් ප්රදේශයෙන් සොයා ගන්නා ලදි. අඟල් 2"-3" අතර රත්තරන් ආකෘති 12 ක්‌ ගුවන් යානා ආකෘති සොයා ගන්නා ලදි. (Gold flyer) ලෙස නම් කර ඇති මෙම ආකෘතිය වර්තමාන ගුවන් යානා කොටස්‌ සියල්ලකින්ම සමන්විත විය. මෙම යානයට ප්රධාන තටුව, සිරස්‌ ස්‌ථායීකාරකය (Vertical Stabilizer/ Rudder), තිරස්‌ ස්‌ථායීකාරකය (Horizontal Stabilizer/ Elevator) හා බඳ කොටස (Fuselage) යන කොටස්‌වලින් සමන්විත විය. මෙම යානය ස්‌වාභාවික වස්‌තුවකට මාළුවෙකුට, කෘමියෙකුට හෝ කුරුල්ලෙකුට ආදේශ කළ නොහැකි අතර මෙහි තටු පහළ බඳට සම්බන්ධ වී ඇති නිසා (Low wing) මෙය ගුවන් යානයක්‌ බව පෙනේ.
1997 ජර්මන් විශේෂඥයින් සමග (Gold flyer) පරීක්ෂණ පැවැත්වූ පීටර් බෙල්ට්‌ මෙම යානයේ ආකෘතියක්‌ තනා ගුවන් ගත කළේය. ඔවුන් විශාල ආකෘතියක්‌ දුරස්‌ථ පාලකයකින් පාලනය කර පරීක්ෂණ පැවැත්වීය. මෙම පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම යානයේ මනා ගුවන් හැකියාවය. ඉතාම ඉහළ තාක්ෂණ දැනුමකින් මනාව නිමවා ඇති මෙම යානයෙහි එංජිමක්‌ ගැන සඳහන් නොකරන නිසා පීටර් බෙල්ට්‌ගේ කණ්‌ඩායම දැනට භාවිතා වන දුරස්‌ථ පාලක ගුවන් යානා එංජිමක්‌ (Radio Control Aircraft
Engine) යොදා ගත්තේය. (Ducted fam) එංජිමක්‌ යානයේ මධ්යම කඳේ සවිකළ අතර මුල් ආකෘතියේ ව්යQහය මෙම එංජිම ස්‌ථානගත කිරීමට ආධාර විය.
මෙම උදාහරණ දෙක පුරාණ තාක්ෂණය පිළිබඳ ප්රධාන සාධක දෙකකි. කිසිම සම්බන්ධකමක්‌ නැති සැතපුම් 7000 ක්‌ පමණ දුරින් පිහිටි ස්‌වාධීන ශිෂ්ටාචාර දෙකක්‌ ලෙස විශේෂඥයින් හඳුන්වා දුන් "මිසර" හා "මායා" ප්රදේශ වාසීන්ගේ ගුවන් තාක්ෂණය, දියුණුව මෙම පරීක්ෂණ වලින් මොනවට පැහැදිලි විය.
නමුත් මෙම යානාවල ප්රධාන දුර්වලකම වූයේ එංජින් පද්ධතියයි. මෙම ආකෘතිවලට බලය ලැබුණු ක්රම ගැන සාධක නොවීය. පුරාණ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ සඳහනක්‌ ඉන්දියාවෙන් ලබාගත හැකිය. "විමානක ශාස්‌ත්රය" ග්රන්ථයේ ඉතාම සංකීර්ණ සඳහනක්‌ කර ඇත. ඉන්දියන් මහාරීෂි බරාද්වාර විසින් රචිත "වෛමාන්ත ශාස්‌ත්ර" වර්තමාන ගුවන් තාක්ෂණ ග්රන්ථයකට සමානය. එම ග්රන්ථය වර්ෂ 6000 ක්‌ පමණ පැරැණි ක්රම සඳහන් කර ඇත. මෙම ග්රන්ථයේ වීමාන යානා තැනූ අමුද්රව්ය, විදුලි බලය, නියමුවන් හා ඔවුන්ගේ ඇඳුම්, භාවිතා කළ කෑම වර්ග හා භාවිතා කළ ආයුධ සඳහන් වේ. එම ග්රන්ථයේ ගුවන් යානය පාලනය කළ හැකි ක්රමය (Flight Manual) පවා සඳන් කර ඇත. මෙම ග්රන්ථයෙන් පුරාණ ගුවන් යානා බලගැන්වූ ක්රම සඳහන් කර ඇත. මෙම බලගන්වන ක්රමවලට සාධක තුනක්‌ සඳහන් වේ.
1. Gyrascope
2. Electricity (විද්යුත් බලය)
3. Mercury (රසදිය)
පුරාණ ගුවන් යානා සම්බන්ධව කළ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු අනුව පුරාණ ග්රන්ථවල මෙම යානා පිළිබඳ දීර්ඝ විස්‌තර සොයාගත හැක. රාමායනයේ මෙම ගුවන් යානා පිළිබඳ සඳහන් වන්නේ එය ලාංකික චක්රවර්ති රාවණා රජුගේ ප්රධාන ආයුධයක්‌ ලෙසය. හෙළ අසුර ශිෂ්ටාචාරයේ ව්යාප්තියට ඉවහල් වූ මෙම ගුවන් තාක්ෂණය රාවණා සමයේ දස දිසා පාලනයට උපකාරී විය. පුරාණ හෙළ අටුවාවේ සඳහන් පරිදි රාවණ අධිරාජ්යයා තම රාජධානිය පුරා මෙම යානාවලින් සැරිසැරූ බවත් එය ශිෂ්ටාචාරයේ පැවැත්මට මහඟු උපකාරයක්‌ වූ බවත් සඳහන්ය. රාවණ සමයේ වූ තාක්ෂණ අතුරින් වඩාම ජනප්රිය තාක්ෂණය ලෙස ගුවන් තාක්ෂණය හැඳින්විය හැකිය. රාමායනයට අනුව මෙම තාක්ෂණය මායා අසුර හෝ විශ්ව කර්ම විසින් හඳුන්වාදුන් බවත් පුෂ්පක රථය වෛශ්රවණ කුවේරගේ වාහනය ලෙස යොදා ගත් බවත්, එය රාවණා විසින් අත්පත් කරගත් බවත් සඳහන් වේ. කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ ගුවන් යානා වූ බවට ඉන්දියාවට වඩා සාධක වේ. රාවණ අධිරාජ්යාගේ ගුවන් යානය දඬු මොරණ යන්ත්රය ලෙස සඳහන් වේ. මෙම යානයෙන් රාවණ රජු ඉන්දියානු යටත් විජිතය ඇතුළු රාජධානි ගවේෂණය කළ බව සඳහන්ය.
රාවණ සමයේ හෙළ තාක්ෂණය අතර ප්රධාන මතවාදයකට තුඩුදුන් තාක්ෂණයකි ගුවන් තාක්ෂණය. මෙම යන්ත්රය නිෂ්පාදිත ද්රව්ය ඝන හා උපකරණ පිළිබඳ විවිධ මත හා ග්රන්ථ ඇත. දඬුමොණර යන්ත්රයට එම නම ලැබුණේ "රාවණ කතා" ඉපැරැණි පුස්‌තකයට අනුව මෙසේය. හිමාලය කන්දේ උතුරු දෙසට ගව් 7 ක්‌ ගිය විට "මයුර දණ්‌ඩ" වෘක්ෂයෙන් පිරි වනයක්‌ වන බවත් එම ලී ඉතාම සැහැල්ලු අතර ශක්‌තිමත් බවත් එම ශාකයේ කොළ අතු මොනර පිල් හැඩයට ඇති නිසාත් "මයුර දණ්‌ඩ" ලෙස හඳුන්වන බවත්ය. දඬුමොණර යන්ත්රයට එම නම ලැබුණේ මයුර දණ්‌ඩ ලීයෙන් තැනූ බැවිනි. රාවණ යුගයේ ගුවන් යානා වර්ග රැසක්‌ වූ බව හෙළ අටුවාවේ සඳහන්ය.
විමාන නමින් විශාල යානාද, වායු පා යානාද, ගිරි මුදුන්වල සිට බසින යානාද, කන්දක සිට තවත් කන්දකට යා හැකි යානාවන්ද වේ. මෙම යානාවලින් හැඟෙන්නේ හෙළ නිමැවුම්කරුවන් මනාව ගුවන් තාක්ෂණය පිළිබඳ දැන සිටි බවය. වර්තමානයේ ගුවන් යානාත් ඉහළ වර්ගීකරණයට යටත් වේ. මෙම ගුවන් යානා බලගැන්වූ ක්රම කිහිපයකි. සුළං බලයෙන් ක්රියා කරන ගමන් පණ ගන්වන්නේ පාපැදියකිනි. එහි බඹර කිහිපයක්‌ කිරීමෙන් යානය ඉහළට එසවේ. යා යුතු දිසාව, ගමන් කළ යුතු උස, නැවැත්වීම සියල්ලම නියමුවා විසින් කළ හැකිය. උපකරණ ඝන රිදී ලෝහයෙන් තනා ඇත. "විමාන" හා "තිරු" යානා හිරු බලයෙන් ක්රියාකරන අතර රසදියෙන් ක්රියාකරන අධි තාක්ෂණ ගුවන් යානාත් සේවයේ වූ බව සඳහන්ය. රසදිය කේන්ද්රපසරි බලය (Mercury vortex) රසදිය ත්වරණය කර ලබන බලයෙන් ක්රියා කරන්නේය. මෙම යානාවලට අභ්යවකාශයට පවා ගමන් කළ හැකිය.
රාම රාවණ යුද්දෙන් පසු රාම පුෂ්පක රථය ඉන්දියාවට ගෙන ගියේය. අධිතාක්ෂණ ආයුධ හෙළ ශිෂ්ටාචාරයට අහිමි විය. නමුත් ගුවන් යානා තාක්ෂණය අභාවයට නොගියේය. බුදුන් සමයේ ආලවක හා සාතාගිරි යක්ෂ සෙන්පතියන් ගුවන් යානා (විමාන) මගින් කෑගල්ල අලුලෙනේ සිට ගිය බව සඳහන් වේ. බුදුන් වහන්සේ ශ්රීපාදයට වැඩියේ සුමනගේ ගුවන් යානයෙන් බවට මතයක්‌ වේ. රාවණ සමයේ සිට පැවත ආ ගුවන් යානා සම්බන්ධ ස්‌ථාන විශාල ප්රමාණයක්‌ ඇත. දැනට සොයාගෙන ඇති සෙල්ලිපි සමහරක ගුවන් යානා හා නියමුවන් ගැන සඳහන් වේ. එකල නියමුවන් හැඳින්වූයේ "දූතක" ලෙසය. නුවරඑළියේ, කොත්මලේ ගුවන් යානා තොටක්‌ විය. වත්මන් තොප්පිගල සැහැල්ලු ගුවන් යානා තොටක්‌ වේ.
එකල කාලගිරි ලෙස මෙම ගල හැඳින්විය.
"පරුමුක ශූර පුත පරුමුක බිමණ දූතකහ ලෙනෙ ශගස"
එහි ගුවන් සමාගමක ලාංඡනය හා ගුවන් නැවක චිත්රය කලු ගලේ කොටා ඇත. රත්නපුරයේ බොල්තුඹේ දේවාලයේ රාවණ රජුගේ ගුවන් යානයක සුන්බුන් ඇති බව සඳහන් වේ. විමානයක ආකෘතියක්‌ එම ස්‌ථානයේ පිටත වේ. එම ආකෘතිය "විමානක වස්‌තු" ග්රන්ථයේ සඳහන් යානයකට සමානය. රාම රාවණ යුද්ධයේදී විමාන යානයක්‌ රූමස්‌සල සිට බෙහෙත් ප්රවාහනයේදී කඳු ගැටයේ වැදී වැටුණු තැන "උණවටුණ" වූ බවත් එම "විමානය" නාග ගෝත්රිකයන්ට අයිති බවත් "විභීෂණ" ගේ බලපෑම් නිසා රාමට උදව් කළ බවත් සඳහන් වේ. එම යානය නවතා තිබූ ස්‌ථානය "නාවිමන" නමි.
රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්‌තර බැබ්ලෝනියාවේ ඊජිප්තුවේ හා සුමාර් වල සඳහන් වේ. එතුමා එම යානා යුද්ධයට හා ප්රවාහනයට යොදාගෙන ඇත. රාමායනයට අනුව ඉන්ද්රජිත් (මේඝනාද) සහස්‌ග්රනි නමැති අහස්‌ යානයකින් අහසට නැග වාලාකුළු අතර හැංගී වරකට ඊසැර 12,000 ක්‌ යෑවිය හැකි දුන්නකින් විද්ද බව සඳහන් වේ. මෙම යුද්ධය ගැන විශ්ලේෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මෙම තුවක්‌කුව Getling Gum (GAU-8) වලට සමාන බවයි. මෙම යානය ඇමරිකාවේ A-10 තන්ඩර් බෝල්ට්‌ ෂෂ සමාන විය හැක. තවද එම යානය යුද්ධයට පෙර මහා බ්රහ්මයා විසින් ඉන්ද්රජිත්ට ලබාදෙන ආයුධයකි. බුද්ධ සූත්ර පිටකයට අනුව මහා බ්රහ්මයා ආබස්‌සර බ්රහ්ම ලෝකයෙන් ආ ජීවයකි. එසේ නම් ඉන්ද්රජිත් පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධකම් පවත්වා යුද්ධයට ආයුධ ගෙන ඇත.
රාම-රාවණ යුද්ධයෙන් පසු මෙම අධිතාක්ෂණ ආයුධ ඉන්දියාවට ගෙන ගොස්‌ ඇත. ඇලෙක්‌සැන්ඩර් ඉන්දියාව ආක්රමණය යෙදෙන විට අහසින් ආ ගුවන් වාහන මගින් ප්රහාර එල්ල කළ බව සඳහන් වේ. එම කාලය චන්ද්රගුප්ත අධිරාජ්යයාගේ තරුණ කාලයයි. (අශෝක රජුගේ මුත්තා චන්ද්රගුප්ත අධිරාජ්යය) අශෝක රජුගේ සමයේ එම තාක්ෂණය පැවතීම සිතිය හැකිය. එම අධිරාජ්යයා යටතේ මෙවැනි පුරාණ තාක්ෂණ නමයක්‌ ග්රන්ථාරූඪ කොට ටිබෙටයේ හැංගූ බව සඳහන් වේ. දෙවන ලෝක සංග්රාමය සමයේ හිට්‌ලර් පුරා විද්යා කණ්‌ඩායම් යවා ටිබෙටයෙන් මෙම තාක්ෂණය ලබාගත් බව සඳහන් වේ. මෙම කණ්‌ඩායම විසින් සොයා ගත් "රාමසර" ආයුධ ආශ්රයෙන් V-1 මිසයිලය (Pulse jet) තැනූ බවට එක මතයක්‌ වේ. චීනය 1960 දී ටිබෙටය ආක්රමණය කොට මෙම තාක්ෂණය ලබාගෙන ග්රන්ථ පරිවර්තනයට ඉන්දියාවට එවූ බවත් එහිදී එම විස්‌තර ඇමරිකාවට ලැබුණු බවත් සඳහන්ය.
එම තාක්ෂණයෙන් නිෂ්පාදිත යානය TR-3B ලෙස හඳුන්වන අතර "රසදිය කේන්ද්රාපසර" බලයෙන් (Mercury Vortex) ඉංජිමකින් ක්රියා කරන බව සඳහන් වේ.
දඬුමොණර යන්ත්ර හෝ විමාන යානා පිළිබඳ සාක්ෂි හා රූ සටහන් ප්රධාන ශිෂ්ටාචාරවල සඳහන් වේ. මෙම ශිෂ්ටාචාරයක්‌ම පිට සක්‌වලින් හෝ අහසින් හා ජීවීන් පිළිබඳ සටහනක්‌ වේ. මෙම ජීවීන් දේවත්වයේ ලා සලකා ඇති අවස්‌ථා පුරාණ මූලාශ්ර ග්රන්ථවල සඳහන් වේ. මෙයට එක්‌ හේතුවක්‌ විය හැක්‌කේ ගුවනින් ගමන් කිරීමේ හැකියාව හා අධිතාක්ෂණ ආයුධ වීමයි. "විමාන ශාස්‌ත්ර" ග්රන්ථයේ මෙම යානා විශාල ප්රමාණයක්‌ ගැන සඳහන් වේ. එම යානාවල එංජින් රොකට්‌ හා ජෙට්‌ පද්ධතිවලින් සමන්විත වේ. එම තාක්ෂණය දැනට තිබෙන ගුවන් යානා සමග සැසඳිය හැකිය. නමුත් "රසදිය කේන්ද්රාපසාරි බලය" දැනට බහුලව භාවිතා නොවන ක්රමයකි. එය පුරාණ ගුවන් යානා තාක්ෂණයේ ප්රධාන අංගයක්‌ වේ.
Mercury Vortex Engine (රසදිය කේන්ද්රාපසර බලය) ඉතාම සංකීර්ණ එංජිමකි. මෙම එංජිමේ ප්රධාන අරමුණ අධිවේග ද්රව්යයක්‌ කරකවා (වෘතාකාර බඳුනක්‌ තුළ (tcroid) ගුරුත්වයට විරුද්ධ බලයක්‌ ඇති කිරීමය. ප්රධාන කාරණය වන්නේ මෙම භාජනයට යොදන ද්රව්ය තනා ගැනීමය. මෙම ද්රව්ය (Super fluid) වර්ගයක්‌ විය යුතුය. එම ද්රව්ය ගැලීමේදී ප්රතිරෝධ බලයක්‌ නැත. (Zero flow resistance) එම නිසා මෙම ද්රව්ය අධිවේගයෙන් කැරකැවිය හැක. මෙම ද්රාවයේ ස්‌වභාවය පහත සඳහන් සාධකවලින් යුක්‌ත විය යුතුය.
1. Super Cooled (අධි ශීතල)
2. Dense (ඝන)
3. Viscom (දූස්රාවීතාව)
4. Megnetised
ඉහළ සඳහන් ගුණාංග තිබෙන ද්රව්යයක්‌ තැනිය යුත්තේ Bose Einstein Condemsates හෝ Bosans (Forced particles) අංශු මගිනි. මෙම අංශු (Pauli Exclusion
Principal) අනුගමනය නොකරයි. ඉහළ ගුණාංග සහිත ද්රව්ය (Super fluid) ගුණාංග වේ.
මෙම සුපිරි ද්රාව්ය (Super fluid) අංකයෙන් පහළට ගැලීමේදී ප්රතිරෝධය ශූන්ය වේ. (Zero resistance) ද්රාව්ය ප්රථමයෙන් අධිශීතනය කළ යුතුය. (Super Cooled) අංකයෙන් පහළට ශීතලනය කිරීමට (Cryogeric) ක්රම භාවිතා කළ හැකිය. නමුත් ද්රව්ය භ්රමනය කරවීමට නොහැකි හේතුව ප්රතිරෝධය නොමැති වීමය. මෙම ද්රව්ය (Ferro fluid) කිරීමෙන් චුම්භක ක්ෂේත්රයක්‌ යොදා භ්රමනය කරවිය හැක. අධිශීතනයට භාජනය වන මෙම ද්රාව්ය ඝනීභවනය වීම වැළැක්‌වීමට (anti-freeze) වර්ගයක්‌ යෙදිය යුතුය. මෙම ද්රව්යට බේරියම් (Barium) හෝ තැලියම් (Thalium) දැමීමෙන් මෙම තත්ත්වය ලබාගත හැක.
එංජිමට දෙවනුව අවශ්ය වන්නේ (Coil assermbly) පද්ධතියයි. ඉහළ ද්රව්ය භ්රමණයට අවශ්ය භාජනය හා චුම්භක ක්ෂේත්රය මෙම පද්ධතිය මගින් ලබා දෙන්නේය. චුම්භක ක්ෂේත්රය ක්රියාකාරීත්වය අනුව ද්රාවය අධිවේගයෙන් කාරක වන්නේය. "කොයිලයේ (Coil) කම්බි ඔතා ඇත්තේ ද්රාව්ය වේගයෙන් ත්වරණය කළ හැකි ලෙසය. විද්යුත් බලය යොදා චුම්බක ක්ෂේත්රය පාලනය කළ හැකි නිසා ද්රාවයේ වේගය මනා පාලනයක්‌ කළ හැක. (Electro Magnet) චුම්බක ක්ෂේත්රය පාලන පද්ධති මගින් (Field Corntrol Unit) මෙම ද්රාවය 60,000 R.P.M භ්රමනය කරවයි. මෙම ප්රමාණයට වේගය සීමා කර ඇත්තේ (Cengrifugal) බලයෙන් භාජනය (Toroid) විනාශය වැළැක්‌වීමටය.
ඉහළ විස්‌තරය රසදිය කේන්ද්රාපසාරි එංජිමකින් යුතු යානයක ක්රියාකාරීත්වය ඉතාම සරල ලෙස හුවා දැක්‌වීමය. මෙවැනි යානයක තිබිය යුතු ගුණාංග පහත දැක්‌වේ.
1. ද්රාව ටැංකිය - Liquid Storage tank
2. අධි ශීතනය උපකරණ Cryogenit unit
උෂ්ණත්වය 170°k-150°k දක්‌වා පහළ දැමිය හැකි)
3. toroid ත්වරණයක්‌ torroid accelerator equipped with magnetic Coil.
4. විදුලි ජනකය- චුම්භක ක්ෂේත්රය පටන් ගැනීම හා පාලනයට.
5. ගුවන් යානා පාලන පද්ධතිය.
ද්රාව ටැංකිය ද්රාවය ගබඩා කිරීමට යොදා ගන්නා අතර මෙම ටැංකියම අධි ශීතනයට යොදාගත හැක. (Ryogenic උපකරණ පද්ධතිය මගින් ද්රාවය 170°k-150°k ශීතනයකට භාජනය කරයි. මෙම ද්රාවනය එංජිම තුළට (Torroid) විත් චුම්භක පාලන පද්ධතිය මගින් වේගයෙන් භ්රමණය කරවයි. ගුවන් යානා පාලන පද්ධති මගින් යානය හැසිරවීම කරවන්නේය.
මෙම එංජින් පද්ධතියෙන් ක්රියාකරන යානා අධිවේග, අධි ජවයක්‌ ඇති යානා වේ. ගුරුත්ව ප්රවාහන එංජිම නිසා අභ්යවකාශයට යැමට හැකියාව ඇත. රාවණ සමයේ රසදිය උණු කිරීමට සූර්ය බලය යොදාගත් බව සඳහන් වේ. නමුත් සූර්ය බලයට අදාළ සූර්ය කෝෂ යොදා ගැනීමෙන් මෙවැනි ක්රියාවලියකට අවශ්ය ශක්‌තිය ලබාගත නොහැක. සූර්ය ශක්‌තිය යනුවෙන් අදහස්‌ කරනුයේ පරමානු විඛන්දනය (Nuclear Fusion) ක්රමය වනු ඇත. එවැනි පද්ධතියකින් එංජිමට අවශ්ය ද්රව්ය හෝ බලය ලබාගත හැකිය.
රසදිය කේන්ද්රාපසාරි බලය" යොදා ක්රියාකරන ගුවන් යානා පිළිබඳ ජර්මානු විද්යාඥයින් දෙවන මහා සංග්රාමයේදී පරීක්ෂණ කළේය. එම පරීක්ෂණවල ප්රතිඵලයක්‌ ලෙස 'Viril' හා 'Hauriebu' වර්ගයේ පියාඹන පීරිසි නිෂ්පාදනය කළ බවට සාධක වේ. දැනට මෙම යානා නිෂ්පාදනය වූ ආකාරය, නිෂ්පාදනය කළ ස්‌ථාන, හා විද්යාඥයන් පිළිබඳ විශාල ප්රමාණයක්‌ තොරතුරු අනාවරණය කර ඇත. දෙවන සංග්රාමයෙන් පසු මෙම තාක්ෂණය ඇමරිකාව හා සෝවියට්‌ දේශයට ගෙන ගිය බවට සාධක හමු වී ඇත.
හෙළ අසුර රාජධානියෙන් ආරම්භ වූ මෙම තාක්ෂණය ලොව වටා ප්රචලිත කරපු රාවණ අධිරාජ්ය ඇතුළු යටගියාව සම්බන්ධ පරීක්ෂණ ශ්රී ලංකාවේ ව්යාප්ත නොවීම කනගාටුවකට කාරණයකි. එම නිසා හෙළ තාක්ෂණයෙන් පෝෂණය වූ විද්යාවක්‌ නැවත ශ්රී ලංකාවේ ස්‌ථාපිත කිරීම කාලෝචිත වන්නේය.
හෙළයේ මහා සක්විති නරේන්ද්රයාණන් වන රාවණ රජුගේ ගුවන් යානා ගැන විස්තර ප්රධාන ශිෂ්ටාචාර වලින් හමුවන බවට දැනටමත් ඔබ දන්නවා ඇති ඒ අතරින් බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ හා සුමාර්වල මෙම විමාන යානා ප්රවාහනයට හා යුද්ධයට යොදාගෙන ඇත. රාමායණයට අනුව ඉන්ද්රජිත් මේඝනාද නොහොත් රාවණ ගේ පුත් සහස්ග්රත නැමති යානයකින් නැග අහසේ වලාකුළු අතර සැඟවී වරකට ඊතල දොළොස් දහසක් යැවිය හැකි දුන්නත් යොදා ප්රහාර එල්ල කළ බව සඳහන් වේ.
මෙම වාර්තාව විශ්ලේෂණයේ දී එම ආයුධය වර්තමාන GAU-8 Gatling වර්ගයේ කාලතුවක්කුවක ට සමාන ය. මෙම යානය ඉන්ද්රජිත් විසින් නිකුම්බිලා දේවියට අග්නි පූජා පැවැත්වීමෙන් අනතුරුව ලැබුණු බව සඳහන් වනවා. මෙම යානය මහා බ්රහ්මයාට අයත් බවත් සෑම යුද්ධයකදීම එය ඉන්ද්රජිත් හට ලැබෙන බවත්, යුද්ධයෙන් අනතුරුව එය නැවත භාරදිය යුතු බව, සඳහන් වනවා. බෞද්ධ සූත්ර පිටකයේ මහා බ්රහ්මයා ආභස්සර බඹලොවින් ආ බ්රහ්මයෙක් බව අප මීට පෙරද කතා කර තිබෙනවා. එයට අනුව ඉන්ද්රජිත් පිටසක්වල ජීවියකුගේ ආයුධ ගෙන ඇති බව ඔප්පු වෙනවා.
රාම-රාවණ යුද්ධයෙන් පසුව හෙළ ඉතිහාසය ඉන්දියාවට පාවා දීමත් සමග ක්රම ක්රමයෙන් විනාශය ආරම්භ වනවා. ඉන්පසු මෙම තාක්ෂණය ඉන්දියාවට ගොස් ඇත. අපගේ පුරාණ හෙළ පොත්පත් සියල්ල ඉන්දියාවට සංක්රමණය වී තිබෙනවා.ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු නිම්නය ආක්රමණය කරන විට අහසින් සහ ගුවන් යානා වලින් ප්රහාර එල්ල කළ බව සඳහන් වනවා. එම කාලය චන්ද්රගුප්ත අධිරාජ්යයාගේ තරුණ කාලයයි. එනම් අශෝක් රජ්ජුරුවන්ගේ මුත්තායි.
අශෝක් අධිරාජයා ධර්මානුකූල මාවතකට එළඹීමත් සමඟ මෙවැනි අධි තාක්ෂණික ක්රම 9ක් පොත් කර ටිබෙටයේ අති දුෂ්කර ගිරි දුර්ග තුළ සැඟවූ බව සඳහන් කර ඇත. මෙම තාක්ෂණය ටිබෙටයේ තිබූ බව දැනගත් හිට්ලර් පුරාවිද්යා කණ්ඩායමක් යවා මෙම තාක්ෂණයෙන් කොටස් කිහිපයක් රැගෙනවිත් තිබෙනවා. මෙම කොටස්වල “රාම-සර” තාක්ෂණය අනුව යමින් “V-1 රොකටය” තැනූ බවට මතයක් තිබෙනවා. හිට්ලර් ගැන කතා කිරීමේදී ඔහුගේ නාසි ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙලයාගේ ප්රධාන ලාංඡනයකි. හෙල ආයුර්වේද විද්යාවේ ප්රධාන වශයෙන් අදටත් භාවිතා වන ලාංඡනයකි. වසර දහස් ගණනක් සිට හෙළයා භාවිතා කළ ස්වස්තිකය හිට්ලර් තමන්ගේ ප්රධාන ලාංඡනය කර ගැනීමට හේතු වූයේ කුමක්ද? ඔහුටත් අදහාගත් නොහැකි හෙළ තාක්ෂණය ද? ඔහු හෙළ තාක්ෂණයට ඒ තරම් දේවත්වයෙන් ගෞරව කළා ද? ප්රශ්නය මා සතුයි. පිළිතුරු සෙවීම් ඔබ සතුයි.
චීනය 1960 දශකයේ ටිබෙටය ආක්රමණය කිරීමත් සමග, අශෝක රජු විසින් සඟවා තිබූ මෙම ග්රන්ථ සොයා ගන්නා ලදී. මෙම ග්රන්ථ පරිවර්තනය කිරීම ඉන්දියාවේ කර ඇත. එහෙත් ඉන්දියාව විසින් මෙම ග්රන්ථවල පරිවර්තන ගාස්තුව පමණක් ඇමරිකාවෙන් අයකරගෙන එහි පිටපතක් ඇමරිකාවට ලබා දී ඇත. එහිදී මතුවන ප්රශ්නය වන්නේ වර්තමාන ජාත්යන්තර නීතියට අනුව යම් රටකට අයිති පොතක් තවත් රටකට පැවරීමේ දී, එම පොතේ අයිතිය එම රට විසින් ඉල්ලිය යුතුය. එහෙත් ඉන්දියාව මෙම වෛමානික ශාස්ත්ර ඇතුළු තවත් තාක්ෂණයන් ඇතුළත් පොත් සියල්ල ඇමරිකාවට ලබා දී පරිවර්තන ගාස්තුව පමණක් අය කරගෙන ඇත. මේවා සැබෑ ලෙසම ඉන්දියාවට අයත් ග්රන්ථයක් නම් ඉන්දියාව විසින් මෙම පොත් වල අයිතිය ඉල්ලුවේ නැත්තේ ඇයි? මෙම ග්රන්ථවල සැබෑ උරුමය ඇත්තේ හෙළය සතුව නොවේද? ප්රශ්නයකි.
දඬුමොණර යානය හෝ විමාන යානා පිළිබඳව සාක්ෂි හා රූසටහන් ප්රධාන ශිෂ්ඨාචාර වල සඳහන් වේ. එම සෑම ශිෂ්ටාචාරයකම අහසින් ආ ජීවීන් පිළිබඳව සඳහන් කර ඇත. මෙම සෑම ශිෂ්ටාචාරයකම මෙම ජීවීන් දේවත්වයෙහිලා සලකා ඇත. මෙයට ප්රධාන හේතුව ඔවුන්ට ගුවනින් යාමට හැකිවීමයි. දෙවියන් ගැන බැලීමේදී ඔවුන් රොකට් යානා භාවිතා කර ඇති බව පෙනේ.“වෛමානික ශාස්ත්ර” ග්රන්ථයේ මෙම රොකට් බලය පිළිබඳව සඳහන් වේ. වර්තමාන ගුවන් තාක්ෂණය සමග සසඳන විට රොකට් හා ජෙට් ගුවන් තාක්ෂණය පිළිබඳව ප්රශ්න නැත. නමුත් රසදිය එන්ජිම වර්තමානයේ භාවිතා නොවන්නකි. එසේ නම් එවැනි එන්ජින් තැනීම හා පරීක්ෂණ කිරීමෙන් මෙම ගුවන් යානා තාක්ෂණය පිළිබඳ තහවුරු කිරීමක් සිදුකළ හැකියි.
ඇමරිකාව ඉන්දියාවෙන් රැගෙන ගිය පොත් පිළිබඳව විශාල වශයෙන් පර්යේෂණ පවත්වා තිබෙනවා. එහි ප්රතිඵලයක් වශයෙන් ඔවුන්ට “TR-3B” යානය නිෂ්පාදනය කිරීමට හැකිවූ බව ඔවුන් සඳහන් කරනවා. මෙම ග්රන්ථවල සඳහන් “රසදිය කේන්ද්රාපසාරි බලය” යොදා මෙම යානා තනා පර්යේෂණ පවත්වන බවද සඳහන්.
TR-3B Astra යනු එක්සත් ජනපදයේ ගුවන් යානා තුළ වර්තමානයේ ඇති ඉතා විශාල ත්රිකෝණාකාර, ගුරුත්වාකර්ෂණ බලයක් සහිත යානාවකි.එය න්යෂ්ටික ප්රචාලනය සහිත “පියාඹන පීරිසි” වර්ගයකි. එහි පළමු සංස්කරණය 1962 සිට ක්රියාත්මක වේ.1990 ගණන්වලදී එක්සත් ජනපද ගුවන් හමුදාවේ “AURORA” ව්යාපෘතිය පිළිබඳ සඟරාවක් වාර්තා කිරීමක දී ත්රිකෝණාකාර යානයක් පිළිබඳ විස්තර කරන ලදි.එහි මූලාරම්භය 1980 ගණන්වල මැද භාගයේ ඉදිකරන ලද TR-3B යානා වේ.
වාර්තාවන්ට අනුව පොදුවේ මෙම යානා නගරයන් සහ මහා මාර්ග ඔස්සේ පහත් උන්නතාංශවලදී විශාල හා නිහඬ, කළු ත්රිකෝණික වස්තූන් ලෙස සෙමින් ගමන් කරමින් පවතී. රාත්රී කාලයේදී මෙම නිරීක්ෂණ පැහැදිලිව සිදු කෙරේ. මෙම වස්තූන්ගේ ත්රිකෝණ කොන් හි බොහෝ විට ආලෝක කිරණ දක්නට ලැබේ.
මෙහි බාහිර ආලේපනය ප්රතික්රියාශීලී විද්යුත් පදනමක් මත ක්රියා කරයි. එය නොපෙනෙන ලෙස රේඩාර් කදම්භ වලින් ප්රතිබිම්භනය කිරීමට අවකාශය සලසා ඇත. ප්රතික්රියාකාරක ආලේපනය සහිත “පොලිමර් ෂෙල්” මගින් විශාල ගුවන් යානයක්, ගුවන් යානා සිලින්ඩරයක් හෝ ව්යාජ රේඩාර් රූපයක් ලෙස හෝ පරිවර්තනය කර දැක්විය හැකිය.චුම්බක ක්ෂේපය කඩාකප්පල්කාරකයක් ලෙස හැඳින්වෙන චක්රලේකන ප්ලාස්මා පිරී ඇති ත්වරණ මුදුවක්, භ්රමණය වන කාර්ය මණ්ඩල කට්ටලය වටා ඇත. මෙම චුම්භක ක්ෂේත්ර තාක්ෂණය නිල වශයෙන් නොතිබුණත්, නිල නොවන ආකාරයෙන් එය සැබෑ ය.
“Sandia” සහ “Livermoore” රසායනාගාර මෙම ප්රතිවිකුණුම් NSD තාක්ෂණය නිපද වූ අතර, එක්සත් ජනපද ආණ්ඩුව විසින් අතිශය රහසිගතව ආරක්ෂා කර ඇත. රසදිය පාදක වූ ප්ලාස්මා වායුගෝලයට සාපේක්ෂව 250,000 ක් දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 123.15 ක් වේ.
මෙයින් මිනිත්තුවකට විනාඩි 50,000 ක් සහිත සුපිරි සන්නායක ප්ලාස්මා හා ගුරුත්වාකර්ෂණය 89% කින් අඩු කරන චුම්භක ක්ෂේත්රයක් ජනනය කරයි. TR-3B නිසා ගුරුත්වාකර්ෂණ ධාවකයක් ඇත.
MFD තාක්ෂණය TR-3B අතිශය සැහැල්ලු කර ඇති අතර ගුවන් යානය වෙනත් ඕනෑම ගුවන් යානයක් උපාමාරු කිරීමට ඉඩ සලසයි.
TR-3B ත්රිකෝණාකාර වේදිකාවේ පතුලෙහි එක් එක් කෙළවරෙහි සවි කර ඇති මල්ටිමොඩල් ප්රචාලක තුනක් දක්නට ලැබේ.
මෙහි උපරිම වේගය Mach 9 ක් විය යුතුය.(Mach යනු භ්රමණය වන සිරුරේ වේගවත් බව ප්රකාශ කිරීම සඳහා භාවිතා කරන මිනුම් ඒකකයකි.)මේ අනුව එය කෙටි කාලයක් තුළ පෘථිවියෙහි ඕනෑම තැනකට ලඟා විය හැකි ලෝකයේ වේගවත්ම තලය වනු ඇත.
බහුමණ්ඩල එන්ජින් තුනක් න්යෂ්ටික තාපන රොකට් එන්ජිම මගින් සවිකර ඇති අතර හයිඩ්රජන් හෝ මීතේන් ඔක්සිජන් සමග ඉන්ධන ලෙස සංයෝජනය කර ඇත.
මෙය ගුවන් යානයම පමණක් නොව, කුමක් නිසාද යත් එහි ප්රචාලක පද්ධතිය පිටුපස සාමාන්ය තාක්ෂණය පමණක් නොව, “කළු තාක්ෂණය” ලෙසද හැඳින්වෙන තාක්ෂණයක් වන අතර,හඳුනා නොගත් පියාඹන පීරිසි පිළිබඳ අධ්යනය කරන “ස්ටීවන් ග්රීර්” පවසන ලෙස මෙහි තාක්ෂණය ලෝක ව්යාප්තව දැනට භාවිතා කරනු ලබන අභ්යවකාශ පාදක තාක්ෂණයට වඩා වසර 10,000 ක් පමණ වැඩි දියුණු වේ.
වර්තමානයේ ජාත්යන්තර UFO සමුළු තුළදී ඇමරිකාව පවසන අන්දමට මෙම යානය අභ්යවකාශය තුල ගමන් කළ හැකි යානයකි. එහෙත් ඔවුන් පවසන ආකාරයටට මෙය එතරම් දුරක් ගෙන යෑමට නම් මන්ත්ර ශාස්ත්රය භාවිතා කළ යුතු වේ. මෙම “mercury vortex engine” අභ්යවකාශය තුළට යාම සඳහා ක්රියා කරන්නේ මන්ත්ර ශාස්ත්රයෙන් මගිනි.
තවත් පුදුමයට කාරණයක් වන්නේ මෙම යානාව දැනට අමෙරිකානු ගුවන්හමුදා විසින් භාවිතා කරන අතර, ඔවුන් මෙම යානාව පියාසර කිරීම් සඳහා එසවීමේදී භාවිතා කරන වචනය වන්නේ, “take off” යන වචනය වෙනුවට “නැග්ම” යන වචනය හා පහත් කිරීමේදී “landing” යන වචනය වෙනුවට “ලැග්ම” යන වචනය භාවිතා කරයි. ඔවුන් මෙම හෙළ වචන දෙක භාවිතා කරන්නේ කුමන අරමුණක් නිසාද… හෙළයෙන් ගෙන ගිය තාක්ෂණයක් නිසා නොවේද..
එසේ නම් අප සැමටම පැහැදිලි වන එක් කරුණයක් තිබේ රාවණා තාක්ෂණය යනු අතීතයට පමණක් කැටි වූ දෙයක් නොවේ. එය වර්තමානය, අනාගතය තීන්දු කරන ප්රධාන සාධකයකි. හෙළ අසුර අධිරාජ්යයෙන් ආරම්භ වූ මෙම අනගි තාක්ෂණය ලොව වටා ව්යාප්තවීම අසුර අධිරාජ්ය අවසානයත් සමග සතුරන් අතට පත්විය. මෙම සංග්රාමයෙන් පසු එම මහා තාක්ෂණය සහමුලින්ම විනාශ නොවුවත් මහා පරිමාණ යුද ආයුධයක් ලෙස භාවිතා නොවීය. බුදුන් සමයේ වන විටත් මෙම තාක් තාක්ෂණය ලංකාවේ තිබූ බවට සාක්ෂි බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. මෙවැනි තාක්ෂණයක පුරෝගාමී ජාතියක් වූ පුරාණ හෙළයන් වර්තමානයේ ඒ පිළිබඳව උනන්දුවක් නොගැනීම කනණගාටුවට කාරණයකි. වර්තමාන තරුණ පරම්පරාවේ රාවණා පුනර්ජීවනය සමග එවැනි තාක්ෂණයක් නැවත ලෝකයට හඳුන්වාදීමට හොදම කාලය මෙය වී ඇත. සැබෑ හෙළයන්ගේ නැවත පුනරාගමනය සිදුවීමට හොඳම කාලය මෙය නිසා, මෙම තාක්ෂණයන් පිළිබඳව තොරතුරු සෙවීම හා තම තමා සතු ශක්තීන් වඩා ගැනීම අප සතු වගකීමකි..
රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද.....?
”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-” උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනපරවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති. උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ පරදේශයක ව්යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති පරදේශයකි. කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති පරදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනපරවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනපරවාද, පුරාවිද්යාත්මක නටඹුන් මෙන්ම සාහිත්යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනපරවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි. අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි පරදේශවාසීන් අතර ජනපරවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි. කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ පරදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය. එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව පරදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්රෘෂ්යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී. උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග පරකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි. පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයගරහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයගරහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත. ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනපරවාදයක වෙයි. (මෙවැනි ජනපරවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි) භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම පරදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්යවහාර වන්නේ ඉහත කී ජනපරවාදය නිසායැයිද පැවසේ. උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය. රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝර ලෙස මුහුදු රකුසාට බිලිවන පරදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනපරවාද රැසකට ම තෝතැන්නක් වූ උ?

Thanks for Original writer to whom may concern.



Comments

Popular posts from this blog

ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන